Connect with us

පුවත්

UDA ඉඩම් බැංකුවක් හදයි

Published

on

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත ඉඩම් හා ගොඩනැඟිලි අක්කර 1,008ක් පමණ ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් උපරිම භාවිතයට යොදාගෙන නොමැති ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත එවැනි ඉඩම් ජාතික සැලැස්මකට අනුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වනවිටත් නාගරික සංවර්ධන අධිකාරිය සතු දිවයිනපුරා පිහිටි ඇතැම් ඉඩම් විවිධ පිරිස් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ.

එහෙත් ඉඩම් බැංකුවක් සකසා ඉඩම් නිසි පරිදි ලැයිස්තුගත කිරීම මගින් ඉඩම් අවභාවිතාවීම වැළැක්වීම මෙන්ම එම ඉඩම් වලින් නිසි ප්‍රයෝජනයක් ලබාගනිමින් රටේ ආර්ථික වර්ධනයට ඒවා දායක කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉඩම් සංවර්ධනය කිරීමත් සමඟ ආයෝජන ආකෘතියට යම් නම්‍යශීලී බවක් ලබාදීම, නම්‍යශීලී ගෙවීම් යටතේ ආයෝජකයාට ඉඩම බදු දීම වැනි දිරිගැන්වීම් කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වාදී තිබේ.

(අද)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved