පුවත්

WhatsApp වෙනසකට සූදානම් වේ

Published

on

WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

WEBetaInfo සඳහන් කළේ, එහි මූලික පියවර ලෙස භාෂා පහක් ඇතුළත් කර ඇති බවය.

ඉංග්‍රීසි, රුසියන්, ස්පාඤ්ඤ, පෘතුගාල (බ්‍රසීල) සහ හින්දි භාෂා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත බව බව සඳහන් වේ.

අන්ඩ්‍රොයිඩ් 2.24.13.8 ඉහළ යාවත්කාලීන කිරීම් සඳහා මෙම අවස්ථාව හිමි වනු ඇත.

එමෙන් ම මෙටා සමාගම විසින් ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් සඳහා නවතම විශේෂාංග තුනක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු සඳහන්ය.

තිරය හුවමාරු කිරීම් (screen-sharing), ඇමතුමක් සඳහා සහභාගී වන ප්‍රමාණය වැඩි කිරීම් සහ අමතන්නා සුවිශේෂි කිරීම් (speaker spotlight) ඒ අතර වන බව සඳහන් වේ..

Trending

Exit mobile version