Connect with us

පුවත්

ආසිරි හොස්පිට්ල් බෙහෙත්වලින් ගිණිකාලා අධ්‍යක්ෂවරු උසාවිය‍ට‍

Published

on

ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ර‍ොගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා 11ක් යටතේ ගොනුකරන ලද නඩුවකට එම රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන ජනවාරි 23 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ගොනුකර ඇති නඩුවට අනුව එහි විත්තිකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) නම්කර ඇත.

නුගේගොඩ,මද්දුවත්ත බී/05 හි පදිංචි සනත් කුමාර අතුකෝරාල මහතා විසින් සිය මව වන එස්.එම්. මන්ත්‍රීකුමාරිහාමි මහත්මිය  2023-02-07 දින සිට 2023-02-19 දක්වා කාලයේදී ආසිරි මෙඩිකල් රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමේදී එම රෝහලින් ලබාදී ඇති ඖෂධ සඳහා අසාධාරණ ලෙස බිල් දමා වංචා සිදුකර ඇති බවට, සඳහන් කරමින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශය මගින් මූලික විමර්ශනයක් සිදු කර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය යටතේ මේ නඩුව පැවරීමට කටයුතු කර තිබේ.

එහිදී ආසිරි ‍රෝහල ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සලකුණු කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෙහෙත් වර්ග 11 ක් සඳහා හිතුමතේ මිල අයකර තිබූ බව අධිකරණයට දන්වා ඇත.

එසේ හිතුමතේ මිල අයකර ඇති බෙහෙත් වට්ටෝරුව මෙසේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved