Connect with us

කලා

අලි කොරිඩෝවේ සංගීතයට අධිකරණයෙන් තහංචියක්

Published

on

ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් හිඟුරක්ගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (17) නියෝග කළේය.

හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වෙන ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් යන සංගීත ප්‍රසංගයට එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින් අද (17) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකළ නඩුකරයේ දී හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ නියෝග කළේය.පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.

ඒ සමගම ඉහත කී ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප්‍රසංගය එම ප්‍රසංගය පවත්නා පරිශ්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී.

නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය පැමිණිලිකරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.

රෙයාර් සංවිධානය, වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය (ඩබ්ලිව්.එන්.පී.එස්) හා පරිසර යුක්ති කේන්ද්‍රය (සී.ඊ.ජේ ) මෙම නඩුව ගොනු කිරීමට දායක වී ඇත.

(ලංකාදීප)

කලා

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

Published

on

By

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

Continue Reading

කලා

ලැව්ගිනි නිසා කල්ගිය ඔස්කාර්

Published

on

By

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන මාරාන්තික ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම දින දෙකකින් ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 17 සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඇකඩමි සම්මාන සඳහා තේරී පත් වූ තරු පිරිවර සහ චිත්‍රපට පිළිබඳ නවතම තතු ජනවාරි 19 වන දින හෙළි කරනු ඇතැයි පැවසේ.

10,000 කට ආසන්න සාමාජිකයින් සඳහා ජනවාරි 08 වන දින විවෘත කරන ලද ඡන්ද විමසීම ජනවාරි 14 අඟහරුවාදා දක්වා දින දෙකකින් දීර්ඝ කර ඇත.

ඔස්කාර් සම්මාන උලෙළේ හිටපු සත්කාරක බිලී ක්‍රිස්ටල් ද ගින්නෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් අතර සිටින අතර පැරිස් හිල්ටන්, ජේම්ස් වුඩ්ස් සහ මයිල්ස් ටෙලර් යන ප්‍රසිද්ධියක් උසුලන අයවලුන්ට ඊට ගොදුරු ව ඇති බව වාර්තා වේ.

Continue Reading

කලා

ජනවාරි 06දා සිට ඉන්දීය සිනමා උළෙලක්

Published

on

By

2025 ජනවාරි 06දා ඇරඹෙන ඉන්දීය සිනමා උළෙල 2025 ජනවාරි 10දා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර එහිදී තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කෙරේ. 

සිනමා උළෙල 2025 ජනවාරි 06 වන දින සඳුදා ප.ව. 6.30ට කොළඹ PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘83’ චිත්‍රපටයෙන් ඇරඹේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය  කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙලේදී නාට්‍යමය, ප්‍රේමණීය, ක්‍රියාදාම සහ ඓතිහාසික තේමාවන් රැගත් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බහු විධ උරුමය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින් ඉන්දීය සිනමාවේ විවිධත්වය සහ  විචිත්‍රත්වය සමරයි.

කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවර එළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඇතුළුවීම නොමිලේ වන අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා [email protected] වෙත විද්‍යුත් තැපෑලක් යොමු කළ යුතු වේ.
කොළඹ නගරයේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට සහ ප්‍රදර්ශන වේලාවන් සඳහා පහත දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved