Connect with us

කලා

ඉන්දීය සාම්භාව්‍ය නර්තන සාම්ප්‍රදායන් රැගත් ශ්‍රිංගාර් ප්‍රසංගය කොළඹදී (ඡායා)

Published

on

හෙටට (ජනවාරි 26) යෙදෙන 75 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශ්‍රිංගාර්  – අෂ්ට විධ සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්‍රදායන්ගේ සුසංයෝගය’ නමැති ප්‍රසංගය ඊයේ (24) කොළඹ දී පැවැත්වුණි.

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ මෙම ප්‍රසංගයට ඉන්දීය හා ශ්‍රී ලංකා නර්තන ශිල්පී පිරිසක් එක්වූ අතර, මෙමගින් දෙරට අතර පවතින සංස්කෘතික පොහොසත්භාවය ද සබැඳියාව සබැඳියාව වඩාත් ඉස්මතු විය.

මෙම ප්‍රසංගයේ විශේෂත්වය වූයේ එමගින් ඉන්දියාවේ පවතින සාම්භාව්‍ය නර්තන සම්ප්‍රදායන් අටම (ඔඩිසි, කතකලි, මනිපුරි, සත්‍රිය, භරතනාට්‍යම්, මෝහිනියාට්ටම්, කථක් හා කුචිපුඩි) එක් වේදිකාවක් මත විදහා දැක්වීමයි.

මෙම ප්‍රසංගය සඳහා ඉන්දියාවේ ICCR කලා ශිල්පීන් ඔඩිසි (නම්රතා මෙහ්තා සහ ඇගේ කණ්ඩායම වන සිද්ධි වෛකාර්, නමහා මසූම්දාර්, අනුරාධා සාංඝ්වි සහ ධුරුවි ජයින්), කතකලි (රෙන්ජිෂ් නයිර්), මනිපුරි (පුර්බිතා මුකර්ජි) සහ සත්‍රිය (සතබ්දි බෝරා)  යන නර්තනයන් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පීන් විසින් භරතනාට්‍යම් (ධනුක දක්ෂිත් සමරවීර), මෝහිනියාට්ටම් (නිශාලි සිල්වා), කථක් (වෙරෝනිකා දසනායක) සහ කුචිපුඩි (තක්ෂයිනි කමලනාදන්) යන නර්තනයන් ඉදිරිපත් කරන ලදී. 

හින්දු කාන්තා විද්‍යාලයේ සිසුවියන් විසින් ද ඉදිරිපත් කළ නර්තනයන් වලින් මෙම ප්‍රසංගය වඩාත් වර්ණවත් විය.

‘ශ්‍රිංගාර්’ ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවාහන සහ මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය ඩයස්පෝරා සාමාජිකයන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

ඉදිරි දින කිහිපය තුළ ඉන්දියානු නර්තන කණ්ඩායම දිවයින පුරා සංචාරය කරනු ඇති අතර මහනුවර, ගාල්ල, මඩකලපුව සහ යාපනය යන ප්‍රදේශවල ප්‍රසංග ඉදිරිපත් කරනු ඇත.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved