Connect with us

කලා

කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් මුල් වරට කොළඹ දී

Published

on

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ (30) තිහකට ආසන්න ප්‍රකට ජන හා ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රාසංගික කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (අගෝස්තු 25) ප.ව. 4.00ට කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

නර්තන (ශාස්ත්‍රීය ,සම්ප්‍රදායික හා ජන), සංගීතමය ඉදිරිපත් කිරීම්, බහු භාෂා කාව්‍ය ගායනා, මුද්‍රා නාටක, රූකඩ නාට්‍ය යනාදී අංග රැසක් මෙහි දී ඉදිරිපත් කෙරෙනු ඇත. 

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (International Cultural Council of India (M.E) Global Peace Foundation) ඉදිරිපත් කරන මෙම සංස්කෘතික ප්‍රසංගය කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලීය සහයෝගීතාවයෙන් යුතුව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) හා PEN Sri Lanka ආයතනය සංවිධානය කරනු ලබයි.

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (ICFCI)  ලොව පුරා ඉදිරිපත් කරනු ලබන ප්‍රසංග මාලාවේ (40) හතලිස්වැන්න  අගෝස්තු විසි පස් වෙනි දින ශ්‍රී ලංකාවේ කොළඹදී ඉදිරිපත් කරනු ලබන බවත් මෙහි දී මුලික අවධානය යොමු වන්නේ, කර්ණාටක ජන ගී, ජන නැටුම්, ජන සංගීත, හා ජන කවි යන අංග කෙරෙහි බව එම කවුන්සිලයේ සභාපති K.P. මංජුනාත් සාගර් (K.P.Manjunath Sagar) මහතා නිවේදනය කරයි.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විශිෂ්ටතම නර්තන ශිල්පීන් අතර සිටින මධුරී බොන්ද්‍රේ (Madhuri Bondre) හා ඇයගේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන නර්තන අංග මෙහි දී සුවිශේෂ වේ. 

එමෙන්ම, යක්ෂ ඝණ නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ, ෂෙරියාස් රවී හෙග්ඩේ (Shreyas Ravi Hegde) ය. ගුරු ආචාර්ය ජය ශ්‍රී,  (Guru Dr.Jaya shree, රවී හේග්ඩේ (Ravi Hegde) සහ ශෘති අෂීස් (Shruthi Ashish) යුගල ඉදිරිපත් කරන නර්තන අංගය ද සිත්ගන්නා සුළු එකක් වනු ඇත. ජන කවි ගායනා ඉදිරිපත් කරනු ලබන්නේ, මහාචාර්ය බින්ඩිගනවේලේ භාගවන් (Prof.Bindiganavele Bhagavan) සහ ආචාර්ය නර්තනා අනානි (Dr.Archana Alhani) විසිනි. රූකඩ සංදර්ශනය, යශෝධා රංගා පුතාලී (Yashoda Ranga Puthali) ගෙනි. කේවල නර්තන ඉදිරිපත් කරනු ලබන්නේ, ආරතී සුරේෂ් (Arathi Suresh) හා අනු ආනන්ද් (Anu Anand) විසිනි. ගායනා – වෙන්කතේෂ් මුර්ති (Venkatesh Moorthi Shiroor) ගෝනා ස්වාමි (Gona Swami), පුෂ්පා ආරාධයා (Pushpa Aradhya) හා මන්තේෂ් මාමදපුර (Manthesh Mamadapura) සිදු කරන බව මංජුනාත් සාගර් මහතා වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රසංග උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – ආචාර්ය සුරේන් රාඝවන් මහතා, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති – මහාචාර්ය රෝහන පී මහලියනාරච්චි මහතා හා ආචාර්ය අමිල කංකානම්ගේ මහතා යන අය සහභාගී වේ.

පස්වරු 4.00 සිට 6.00 පැවැත්වෙන මෙම ප්‍රසංගය නොමිලයේ පැවැත්වෙන බවත් සියලු දෙනාට ඒ සදහා ආරාධනා කරන බව ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමය පවසයි.

කලා

ලෝක රූ රැජින තරගයේ අවසන් තරගය අද

Published

on

By

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි  HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු ‘2025 ලෝක රූ රැජින’ කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත.

අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

Sports Challenge – එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

Talent Challenge – මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

Head-to-Head Challenge – 

ආසියාව සහ ඕෂනියාව – ඉඩිල් බිල්ගන් (තුර්කිය)

යුරෝපය – මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

අප්‍රිකාව – ෆේත් බ්වාල්යා (සැම්බියාව)

අමෙරිකානු සහ කැරිබියන් – ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

Top Model Competition – 

යුරෝපය – ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

අප්‍රිකාව – සෙල්මා කමන්යා (නැමීබියාව)

ආසියාව සහ ඕෂනියාව – නන්දිනි ගුප්තා (ඉන්දියාව)

අමෙරිකානු සහ කැරිබියන් – ඕරේලි ජෝකිම් (මාටිනික්)

Beauty With a Purpose – 

වැලේරියා පෙරෙස් – (පුවර්ටෝ රිකෝ)

නටාෂා නියොන්යෝසි – (උගන්ඩාව)

මිලී-මේ ඇඩම්ස් – (වේල්සය) 

මොනිකා කෙසියා – (ඉන්දුනීසියාව)

Multimedia Challenge – 

ආසියාව සහ ඕෂනියාව – ඔපල් සුචාටා (තායිලන්තය)

යුරෝපය – ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

අප්‍රිකාව – කේන්ද්‍රා ඉසී (කැමරූන්)

අමෙරිකා සහ කැරිබියන් – මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

Continue Reading

කලා

ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!

Published

on

By

ලෝක ප්‍රකට පොප් ගායිකා ශකීරාගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ පුද්ගලයකු නිසා සරම්ප වසංගතයක අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවති පොප් ගායිකා ශකීරාගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ පුද්ගලයකුට සරම්ප රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ, එම ප්‍රසංගයට එක්වූ රසික රසිකාවියන් 82,000කට ආසන්න පිරිස අතර සරම්ප වසංගතයක් පැතිරීමේ අවදානමක් මතුව ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

රෝගය ආසාදනය වූ පුද්ගලයා නිව්ජර්සි ප්‍රාන්තයේ වැසියකු නොවීම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම තව දුරටත් ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

විදෙස් මාධ්ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම තත්ත්වය හේතුවෙන් නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසංගයට සහභාගි වූවන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවය.

ඒ අනුව ජූනි 6 වැනිදා වන විට සරම්ප රෝග ලක්ෂණ මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා ඇත.

විශේෂයෙන්, පසුගිය මැයි 20 වැනිදා පස්වරු 7.00 සිට අලුයම 1.00 දක්වා ප්‍රසංග භූමියේ රැඳී සිටි පුද්ගලයන්ට සරම්ප රෝගය ආසාදනය වීමේ අවදානම ඉහළ බැවින්, එවැනි පුද්ගලයන් එම උපදෙස් මාලාව අනුගමනය කළ යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරත් වාර්තා කරයි.

Continue Reading

කලා

අනුදිගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබේ.

මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වේ.

මෙය Miss World තරගයේ fast-track events අංශයෙන් තෝරා ගන්නා ඉහළම 20 දෙනා අතරට ශ්‍රී ලංකාව පැමිණි පළමු අවස්ථාවයි.

Asia and Oceania කලාපයේ  Multimedia Challenge අංශයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට තේරීපත්ව සිටින්නේ  නවසීලන්තය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය  සහ වියට්නාමය යන රටවල් නියෝජනය කළ තරගකාරීනියන්ය.

එමෙන්ම Americans and caribbean,Europe සහ Africa යන කළාප වලින්ද තරගකරුවන් 15 දෙනෙකු තෙරීපත්ව සිටි.

මෙම තරඟකරුවන් 20 දෙනා එක් අවසාන අභියෝගයකට මුහුණ දීමට නියමිතව ඇත.

එහිදී ඔවුන්ගේ ලෝක රූ රැජින ගමනේ සම්පූර්ණ කතාව විස්තර කරන වීඩියෝවක් නිර්මාණය කළ යුතු වේ.

එම වීඩියෝව මිනිත්තු 1 යි තත්පර 30 ක් විය යුතු බව සඳහන් වේ.

එය මැයි 29 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10:00 (ඉන්දියානු වේලාවෙන්) වන විට ලෝක රූ රැජින යෙදුමට යොමුකළ යුතුය.

ඒ අනුව, Multimedia Challenge අංශයේ අවසාන ප්‍රතිඵලය මෙම සිකුරාදා (30) ලබා දීමට නියමිතව ඇත.

2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය මැයි 31 වන දින හයිද්‍රාබාද් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved