Connect with us

කලා

ක්ලැරිස් ද සිල්වා දිවි රඟමඩලට සමු දෙයි

Published

on

ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තුළ අවසක් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීහු පවසති.

1950 දශකයේ සිනමාවට පිවිසි ක්ලැරිස් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණේ ‘‘මාතලන්‘‘ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. 

එහි ගීයක් ද ගායනා කළ අතර නර්තනයක් ද ඉදිරිපත් කළේ සිංහල සිනමාවට නර්තනය මුලින්ම රැගෙන ආ නිලිය ලෙස වාර්තාවක් ද තබමිනි.

1952 දී ‘‘උමතු විශ්වාසය‘‘, චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ක්ලැරිස් ‘‘පුදුම ලේලි , අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, මාතලන්, සොහොයුරෝ, පුරුෂ රත්නය, අල්ලපු ගෙදර, සුන්දර බිරිද‘‘ ඇතුළු 50 සහ 60 දශකයේ තිරගත වූ චිත්‍රපට 28කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිතය නිරූපනය කළාය.

මෑත කාලයේදී ඇය ‘‘මමයි රාජ හා ධවල පවුර‘‘ චිත්‍රපටවලද රඟපෑවේ රංගනයට ඇති ආසාව නිසාය.

අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ක්ලැරිස් එවකට පැවැති එස්.එස්.සී. විභාගයෙන් සමත්ව පසුව කලා ක්ෂෙත්‍රයට එකතු වූවාය. 

ඇය මිය යන විට 80 වැනි වියෙහි පසු වුවාය. අවිවාහකව සිටි ක්ලැරිස්ගේ අවසන් කටයුතු නාවලදි සිදු කෙරුණේ  ඇගේ අන්තිම කැමැත්ත මතය.

කලා

එකම වේදිකාවක සම්මානනීය වූ තාත්තයි දුවයි

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය.

ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්‍රියේදීයි.

එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය.

ඒ, ”Pride of Global (Music) 2022” සහ ”Global Icon (Music) 2023” යන සම්මාන ද්විත්වයටයි.

BWIO විසින් සංවිධානය කරන ලද මෙම විශිෂ්ටතා සම්මාන උළෙල ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයින් ඇගයීම උදෙසා ක්‍රියාත්මක වන්නකි.

Continue Reading

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved