Connect with us

කලා

කුවේට්හිදී අත්අඩංගුවට ගත් සමනලී, ඉන්ද්‍රචාපා, උපේකා, ජොලි සීයා ඇතුළු පිරිස නිදහස්

Published

on

කුවෙට්හි දී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.

‘එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.

ඒ අනුව ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. 

කලා

ලැව්ගිනි නිසා කල්ගිය ඔස්කාර්

Published

on

By

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන මාරාන්තික ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම දින දෙකකින් ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 17 සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඇකඩමි සම්මාන සඳහා තේරී පත් වූ තරු පිරිවර සහ චිත්‍රපට පිළිබඳ නවතම තතු ජනවාරි 19 වන දින හෙළි කරනු ඇතැයි පැවසේ.

10,000 කට ආසන්න සාමාජිකයින් සඳහා ජනවාරි 08 වන දින විවෘත කරන ලද ඡන්ද විමසීම ජනවාරි 14 අඟහරුවාදා දක්වා දින දෙකකින් දීර්ඝ කර ඇත.

ඔස්කාර් සම්මාන උලෙළේ හිටපු සත්කාරක බිලී ක්‍රිස්ටල් ද ගින්නෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් අතර සිටින අතර පැරිස් හිල්ටන්, ජේම්ස් වුඩ්ස් සහ මයිල්ස් ටෙලර් යන ප්‍රසිද්ධියක් උසුලන අයවලුන්ට ඊට ගොදුරු ව ඇති බව වාර්තා වේ.

Continue Reading

කලා

ජනවාරි 06දා සිට ඉන්දීය සිනමා උළෙලක්

Published

on

By

2025 ජනවාරි 06දා ඇරඹෙන ඉන්දීය සිනමා උළෙල 2025 ජනවාරි 10දා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර එහිදී තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කෙරේ. 

සිනමා උළෙල 2025 ජනවාරි 06 වන දින සඳුදා ප.ව. 6.30ට කොළඹ PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘83’ චිත්‍රපටයෙන් ඇරඹේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය  කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙලේදී නාට්‍යමය, ප්‍රේමණීය, ක්‍රියාදාම සහ ඓතිහාසික තේමාවන් රැගත් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බහු විධ උරුමය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින් ඉන්දීය සිනමාවේ විවිධත්වය සහ  විචිත්‍රත්වය සමරයි.

කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවර එළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඇතුළුවීම නොමිලේ වන අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා [email protected] වෙත විද්‍යුත් තැපෑලක් යොමු කළ යුතු වේ.
කොළඹ නගරයේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට සහ ප්‍රදර්ශන වේලාවන් සඳහා පහත දැක්වේ.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved