Connect with us

කලා

කොළඹ ෆිල්ම් හෝල්වලින් මිලියන 49ක බදු පොල්ලක්

Published

on

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති බව කොළඹ මහ නගර සභාව කියා සිටී.

විනෝද බදු ආඥාපනත අනුව එක් සිනමා ශාලාවකින් දිනක ආදායමෙන් සියයට අටක (8%)ක මුදලක් විනෝද බද්ද ලෙස අදාළ නගර සභාවට හෝ මහ නගර සභාවට ගෙවිය යුතුය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිනමා ශාලා 46ක් පවතින අතර ඉන් 10ක් පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයේ වසා දමා තිබේ. 

ඒ අනුව දැනට සිනමා ශාලා 36ක් පවත්වාගෙන යන අතර ඉන් සිනමා ශාලා 25කින් අදාළ විනෝද බද්ද ගෙවා නොමැති බව කොළඹ මහ නගර සභාවේ ආදායම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් මෙලෙස අය විය යුතු මුදල් අදාළ සිනමා ශාලාවලින් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළද ඔවුන්ගෙන් බලහත්කාරයෙන් එම මුදල් ලබා නොගන්නා බවද ඔහු කීවේය.

ඊට හේතුව ලෙස කොළඹ මහ නගර සභාව පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයේ සිනමා කර්මාන්තය විශාල පසුබෑමකට ලක් වූ බවයි. 

එම නිසා අදාළ මුදල් සහන ක්‍රමයකට ලබාගන්නා බවද හෙතෙම පැවසුවේය.

කලා

ජැකී චෑන්ගේ පැන්ඩා ප්ලෑන් එළිදකියි (වීඩියෝ)

Published

on

By

සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි.

‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන් වැදෙන ජාත්‍යන්තර කුංෆු තරුවක් පිළිබඳ කතා පුවතකි.

මෙහිදී අදහස් දැක්වූ ජැකී චෑන් පවසා ඇත්තේ මේ චිත්‍රපටිය සමග, ලොව පුරා සිටින තවත් දරුවන්  පැන්ඩාවන් පිළිබඳව දැනගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

Continue Reading

කලා

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

Published

on

By

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු කොළඹින් තරඟ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ව්‍යවසායකයෙකු  ලෙස මෙන්ම, සමාජ සේවා සම්බන්ධ නිර්මාණශීලී වීඩියෝ ඉදිරිපත් කිරීම තුළින් අශේන් බොහෝ පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ.

Continue Reading

කලා

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

Published

on

By

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් තර ඇතැයි වාර්තා වේ.

උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved