Connect with us

කලා

ගාලු සාහිත්‍ය උළෙල ජයටම තියන්න ජනපතිගෙන් උපදෙස්

Published

on

වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්  දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ :ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එම වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන මුල් කර ගනිමින්  සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත්  විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව තිබේ.

සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved