Connect with us

කලා

චීනයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට

Published

on

2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 3 වැනිදා වන විට, යුවාන් බිලියන 8.02 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්‍රපට පරිපාලනයේ වාර්තා පවසයි.

ඒ අතරින්, ” Ne Zha 2″ චිත්‍රපටය යුවාන් බිලියන 3.8 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට ආසන්න ආදායමක් ඉපැයීමට ද සමත්ව තිබේ.

මේ වන විට, මෙම වසරේ චීනයේ ප්‍රදර්ශනය කෙරුණු සමස්ත චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 9.8 ඉක්මවා ඇති අතර, එය උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන ඇත.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved