විවිධ සංස්කෘතික අංගයන් එක්තැන් කරමින් ”ශ්‍රී ලංකා අභිමන්- ජාතික කලා උළෙල” පැවැත්වීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
පොදු ජනතාවගේ රසවින්දනය හා විනෝදාස්වාදය වර්ධනය කිරීම උදෙසා මෙය පවත්වන බව රජය කියා සිටී.
2023 දෙසැම්බර් මස 30, 31 සහ 2024 ජනවාරි 01 යන දිනවලදී නෙළුම් පොකුණ රඟහල, ජාතික කලාභවන, ජෝන් ද සිල්වා සමරු රඟහල, විහාරමහාදේවී උද්‍යානය, නව නගර ශාලාව සහ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් යෝජිත කලා උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ”ශ්‍රී ලංකා අභිමන්- ජාතික කලා උළෙල” පැවැත්වීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරන ලදී.