Connect with us

කලා

ජැකලින් ට ඇප

Published

on

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණයක් විසින් අද (15) ඇප නියම කර තිබේ.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක් සම්බන්ධයෙනි.

ෆර්නැන්ඩස් මෙනවිය විසින් ඇප ඉල්ලා තිබුණේ මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන අවසන් කර ඇති බැවිනුත්, චෝදනා පත්‍රය ගොනු කර ඇති බැවිනුත් තමාව රඳවා ගැනීමට අවශ්‍ය නොවන බව පෙන්වාදෙමිනි.

වසර 2017 සිට නවදිල්ලියේ සිරදඬුවම් විඳින සුකේෂ්, පුද්ගලයන් රැසකටම වංචා කර ඇති බවත්, ඔහු විසින් ජැකලින් හට විවිධ අවස්ථා වලදී ඉතා වටිනා ත්‍යාග ලබාදී ඇති බව මේ වන විට හෙළි වී ඇත.

කලා

ඔස්ට්‍රේලියාවේදී ගෞරවයට පාත්‍ර වූ ලාංකේය කලා පවුල

Published

on

By

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල”  පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍රව තිබුණි.

ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

එම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන ගෞරවණීය පිරිසකගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව මෙරට සංගීත පුරාවෘත්තයන් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීත ශිල්පි රූකාන්ත ගුණතිලක මහතා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමා තිබුණි.

එමෙන්ම ඔවුන්ගේ දියණියන් වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක ද එහිදී සම්මාන ලබා තිබුණි.

මෙම අවස්ථාව සඳහා සනුක වික්‍රමසිංහ හට ද ආරාධනා කර තිබුණු නමුදු ඔහුට එම මොහොතට සහභාගී වීමට නොහැකිව තිබේ.

Continue Reading

කලා

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවිගමනට සමුදෙයි

Published

on

By

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයනවිට වයස අවුරුදු 89කි.

“හන්තානේ කතාව” සිනමා නිර්මාණයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කල ඔහු “ඉන්දුට මල් මිටක්”, “පෙම්බර මධූ” වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

කලා

කුවේට්හිදී අත්අඩංගුවට ගත් සමනලී, ඉන්ද්‍රචාපා, උපේකා, ජොලි සීයා ඇතුළු පිරිස නිදහස්

Published

on

By

කුවෙට්හි දී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.

‘එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.

ඒ අනුව ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved