Connect with us

කලා

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Published

on

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වීමේ අවස්ථාවක් උදා වී තිබේ.

නිමක්ෂි පසුගියදා නවසීලන්තයේ පැවැති නවසීලන්ත විශ්ව විවාහක රූ රැජන තරගය ජය ගනිමින් එම භාග්‍යය හිමිකරගෙන ඇත.

ඒ අනුව ඇය ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කරමින් තරග වදිනු ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී මේ තරගය නොපැවැත්වූ බැවින් මෙවර එය පවත්වා ඇත්තේ 2021 සහ 2022 තරග දෙකම ආවරණය වන පරිදිය.

ඒ අනුව ජයග්‍රාහිකාවන් දෙදෙනකු තෝරා ගෙන ඇති අතර, එක් ජයග්‍රාහිකාවක ලබන මස දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 2022 ලෝක විවාහක රෑ රැජන තරගයටත්, නිෂී රණතුංග ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වෙන 2023 ලෝක විවාහක රූ රැජන තරගයටත් සුදුසුකම් ලබා ඇත.

බෝමිරිය මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශාඛා විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ නිෂී නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ 2015 වසරේදීය.

ඇය මේ වන විට ඕක්ලන්ඩ් නුවර පදිංචිව සිටින අතර, NZSL නමින් නර්තන ඇකඩමියක් ද පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ සිටියදී විදුර විදුහල, මියුසියස් සහ කොටිකාවත්ත ඒෂියන් ග්‍රැමර් විදුහල්වල ගුරුවරියක ලෙස සේවය කර ඇති නිෂී මේ වන විට ඕක්ලන්ඩ් නුවර විදුහලක ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටී.

පාසල් වියේදී බැඩ්මින්ටන් සහ බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑ ඇය එවකට පාසල් වේදිකා නාට්‍යවල රඟපා තිබේ.

‘ශ්‍රී ලංකාවේදී මම නර්තන ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා. මම පොඩි කාලේ ඉඳලා චන්න විජේවර්ධන මහතාගේ ගෝලයෙක්. පසුකාලීනව මියුසික් විඩියෝ රැසකටත් රංගනයෙන් දායක වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල නර්තන තරගවලටත් සහභාගි වෙලා තියෙනවා.‘ යැයි ඇය මාධ්‍යට පවසා ඇත.

එවකට ශ්‍රී ලංකාවේ හිටපු ‘මිස් සිලෝන්‘ රූ රැජනක වන චිත්‍රා කාන්තා රණතුංග මහත්මියගේ සහ ව්‍යාපාරිකයකු වන ආර්.ඒ.ප්‍රේමරත්න මහතාගේ කනිටු දියණිය වන නිෂී මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරමින් සිටී.

ඇය නවසීලන්තයේ කෙටි චිත්‍රපට නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇති අතර, ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපට ද ඒ අතර වේ.

Continue Reading

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved