Connect with us

කලා

නිළි ටනාෂා ආච්චිට නොසැලකුව නිසා තෑගි ඔප්පුව කැන්සල් කරලා!

Published

on

කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නි‍ෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි රුචිනි ටනාෂා හතරසිංහට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස එම නිළියට නියෝග කළේය.

හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පිනියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බව දිසා විනිසුරුවරිය සිය තීන්දුව මඟින් පෙන්වා දී ඇත.

ආදරය, කරුණාව දක්වා කෘතඥපූර්වකව රැක බලා ගැනීම වෙනුවට අකාරුණිකව, ගුණමකුව හා අකෘතඥතාවෙන් සැලකීම පැමිණිල්ල මඟින් මනාව ඔප්පු කර ඇති බවට ප්‍රකාශ කරමින් මෙම තීන්දුව නිකුත් කළාය.

මිත්තණිය 2016 වසරේ දී මෙම නඩුව පවරා ඇති අතර නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වා ඇත.

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දැරියන් සමඟ ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිණිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ දේපළ පවරා දී ඇත. 

දේපළ පවරා දීමට පෙර මිත්තණිය සමඟ කුලුපගව සිට ඇති විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නි‍ෙවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටී ද, නො සිටී ද යන්න පවා සොයා බැලීමට කාරුණික වී නොමැති බවත් පැවසූ නීතිඥවරයා අඩුම තරමේ දුරකතන ඇමතුමක් හෝ ලබා දී නොමැති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

‘‘ආච්චි හෘද රෝගයෙන් පෙළෙන බව දන්නෙ නෑ. රෝගයකින් පෙළෙන බවට ආච්චි කිවුවා නම් හරි, අවශ්‍ය නම් ඇයට ප්‍රතිකාර ගන්න මුදලක් දෙන්න පුළුවන්, මේ නඩුව දානකම් ආච්චිව දැක්කෙ හෝ හමු වුණේ නෑ’’ විත්තිකාරිය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත.

දෙපාර්ශ්වයේ සාක්ෂි හා කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත්, විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා සමඟ නීතිඥ එස්. ජනගන් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා මහතා පෙනී සිටියේය.

දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි ස්ථානය ලැබූ ටනාෂා පසුව මිස් ග්ලෝබ් තරගයටත් ඉදිරිපත්ව තිබිණි.

මූලාශ්‍රය – දිනමිණ

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading

කලා

කලාත්මා නිවේදනයක් නිකුත් කරයි

Published

on

By

කලාත්මා හිටිහාමිගේ යන නමින්, අන්තර්ජාලයේ ප්‍රකටව සිටින තරුණිය තමන්ගේ ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් පළ කර තිබේ.

ඒ මිලියන දෙකකට වැඩි පිරිසක් නැරඹූ, ප්‍රතිචාර 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු සිය වීඩියෝවක් පිළිබඳ පැහැදිලි කරමිනි.

දින කිහිපයකට පෙර ඡායාරූපයක් සමඟ ඇය විසින් පළ කර තිබූ එම වීඩියෝවෙන් ඇය සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් බෙදාගන්නා ලෙස. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණේ තමන් දන්නා වඩාත් ආන්දෝලනාත්මක අන්දමේ කතා බෙදා ගන්නා ලෙසය.

කෙසේ වෙතත් එයට ප්‍රතිචාර ලෙස විශාල පිරිසක් ප්‍රකට පුද්ගලයන් පිළිබඳ බරපතල චෝදනා ඇතුළත් ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ පිළිබඳ කලාත්මා නිකුත් කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්,

“මම කලාත්මා- ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප ගැන අන්තර්ජාලයේ වයිරල් ගිය තරුණිය මම.

මෙම සිදුවීම ගැන විවිධ කතා සහ අදහස් මම දැක්කා. ඒ නිසා මට මගේ අදහස බෙදාගන්න ඕනෑ. මම ඉතාම සතුටු වෙනවා, ඔබ මොහොතක් අරගෙන මේක කියවනවා නම්.

මම මුලින්ම මේ වීඩියෝව පළ කළ වෙලාවේ, මම ඕපාදූප ඇහුවේ නැහැ. මම ජාත්‍යන්තරයේ ගිය ටික්ටොක් ප්‍රවණතාවක් අනුව තමන් නොසිතූ ලෙස තමන්ට මුණගැහුණු ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විමසුවා පමණයි. මුලින්ම ලැබුණු කමෙන්ට් කිහිපය ආදරණීයයි. ඒ අතරින් කෙනෙක් මාව කොත්තු කඩයක මුණගැසුණු කතාවකුත් බෙදාගෙන තිබුණා. මුලින්ම එය කිසිම හානියක් නැති, විනෝදබර දෙයක් වුණා.

එහෙත්, වීඩියෝවට අවධානය ලැබෙන විට තත්වය වෙනස් වුණා. පුද්ගලයන් විවිධ නම් සහ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. නිර්මාණකාරියක ලෙස මට වගකීමක් තිබෙනවා, හානිදායක ප්‍රතිචාර ඉවත් කිරීමට. මම මුලින්ම එහෙම කළා. එහෙත්, වීඩියෝවට අවදානය වැඩි වී 20,000කට වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලැබෙද්දී ඒ සියල්ලට සමගාමීව නියාමනය කිරීම අසීරු වුණා.

කෙසේවෙතත් මම පුද්ගලිකව මෙයින් බලපෑමට ලක්වූවන්ගෙන් සමාව ඉල්ලුවා. මම මට කළ හැකි දේ කළා. එහෙත්, අන්තර්ජාලය තුළ පුද්ගලයන් කියන දේවල් මට පාලනය කළ නොහැකියි.

බොහෝ අය විමසන පැනය වන්නේ මම සියලුම ප්‍රතිචාර මකා නොදැම්මේ ඇයිද කියන එක. එහෙත්, එහි ඇති ඇතැම් චෝදනා සත්‍ය නම්? ඇතැම්විට සැබෑ වින්දිතයන් අන්තර්ජාලයේ ඉඩක් ඉල්ලා සිටින්නේ නම්? තමන්ගේ කතාව ඉදිරිපත් කරන්නට ඉඩකඩක් ඉල්ලා සිටින්නේ නම්?

එය කියන අතර, ප්‍රතිචාර අවකාශය දැන් පත්ව ඇති තත්වය සමඟ මා සිටගන්නේ නෑ. මම එහි කියා ඇති දේවල් ප්‍රවර්ධනය කරන්නේ, තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

මම දන්නවා මම වැරදි හේතු මත විශාල අවධානයක් ලබමින් සිටින බව. එහෙත් මේ වේදිකාව යහපත් අරමුණකට යොදාගනිමින් ඉදිරියට ගමන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved