ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් විසින් වට්ටක්කා සුප් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
තිරසාර වශයෙන් නිෂ්පාදනය කළ සෞඛ්‍ය සම්පන්න ආහාර ඇති අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධය පළ කර ඇති බව පැවසේ. එම සුප් ප්‍රහාරයෙන් පසු සිතුවම ඉදිරිපිට විරෝධතා දක්වමින් ඔවුන් පවසා ඇත්තේ වඩා වැදගත් වන්නේ කලාව ද? නැත්නම් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ඇති අයිතිය ද යන්නයි.
Riposte Alimentaire (Food Counterattack) නම් එකතුවක් මීට වගකීම භාරගෙන ඇත.
කෙසේවෙතත්, මොනා ලිසා සිතුවම වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර ඇති බැවින් එයට කිසිඳු හානියක් වී නොමැත. ලූවර් කෞතුකාගරයේ ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය තාවකාලිකව වසා දමා පිරිසිදු කිරීමෙන් පසුව එය යළිත් මහජනයා වෙත විවෘත කර ඇත.
සිතුවමට හානියක් නොවුනද, ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යවරිය පැවසා ඇත්තේ කිසිම හේතුවකට මොනාලිසා සිතුවම ඉලක්ක කර ගැනීම සාධාරණීයකරණය කළ නොහැකි බවයි.
16 වැනි සියවසට අයත් ලියනාඩෝ ඩාවින්චි ගේ මෙම නිර්මාණය ලොව ප්‍රසිද්ධම කලා නිර්මාණයක් වන අතර, 1950 වර්ෂයේදී කෞතාකාගාරය නැරඹීමට පැමිණි අමුත්තෙකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුණි. ඉන්පසුව එය වටා ආරක්ෂිත වීදුරු ආවරණයක් ස්ථාපනය කෙරුණි. 2019දී මෙම ආවරණය වඩා පාරදෘශ්‍ය, වෙඩි නොවදින වීදුරුවක් දක්වා වෙනස් කෙරුණි.
2022දී ද මොනාලිසා සිත්තමට කේක් ප්‍රහාරයක් එල්ල විය.