Connect with us

කලා

රෙක්ස්ගේ අවසන් කටයුතු අද; උදුලාගේ අවසන් කටයුතු හෙට 

Published

on

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මියයන විට ඇය 87 වියෙහි පසුවිය.

“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි ඇය කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954 දී වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත්වූවාය.

1956 වර්ෂයේ සිට 1970 දක්වා චිත්‍රපට රාශීයක උදුලා දාබරේ මෙනවිය සිය රඟපෑම් ඉදිරිපත් කර තිබේ.

සිනමාස්ගේ දොස්තර, දුප්පතාගේ දුක, දස්කම, ගැහැණු ගැට, නළඟන, පිරිමියෙක් නිසා, සුවිනීත ලාලනී, දරුවා කාගේ ද, සුළලිත ශෝභිනී, සුභ සරණ සැප සිතේ, සැකය, සීගිරි කාශ්‍යප, කපටිකම, මනමාලයෝ සරණ, අක්කා නගෝ, සූරයන්ගෙත් සූරයා හා දැන් මතක ද ආදී චිත්‍රපට ඒ අතර වේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ පිළිගැනීම් හා මහජන සම්බන්ධතා නිලධාරිනී ලෙස සේවය කළ ඇය වසර 07ක නිහැඬියාවකින් පසු අවසන් වරට 2018 උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදෙන්නට විය.

රෙක්ස් කොඩිප්පිලිගේ අවසන් කටයුතු අද

මේ අතර, ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ මේ වනවිට තැම්පත් කර තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 4.00ට කොළඹ කනත්තේදී සිදු කෙරේ.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

කලා

“කාගේද මේ මූනිස්සම්?” විමල් වීරවංශගෙන් ගීතයක්

Published

on

By

ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතාගේ “කාගේද මේ මූනිස්සම්?” ගීතය අද (08) ජනගත කෙරිණි.

ගීතය ගායනය මෙන්ම එහි පද රචනය ද විමල් වීරවංශ මහතාගෙනි.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

අද උදෑසන 10.00ට YouTube අවකාශයට මුදාහල ගීතය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

Continue Reading

කලා

ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි

Published

on

By

ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉල්ලා ගොනු කළ පෙත්සම දිල්ලි මහාධිකරණය විසින් ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබේ.

විනිසුරු අනිෂ් දයාල් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඇයගේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved