Connect with us

කලා

වැරදි කවුරුද? ……………වස්ති ද? සංවිධායකවරුද?

Published

on

පසුගියදා මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශන අතරතුරදී සිදුවූ ප්‍රේක්ෂක කෝලහාලයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත.

ඊයේ (16) දිනය වනවිට සංගීත සංදර්ශනය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදු කරන බවය.

මේ ප්‍රේක්ෂක හැසිරීමට හේතුව ලෙස “වස්ති” ගායකයන්ට ඇතැමෙක් චෝදනා කරන අතර තවත් චෝදනාවක්  සංවිධායකයින් වෙත එල්ල වී තිබේ.

මේ පිළිබඳව ප්‍රසංගයේ සංවිධායකයින් වන  RC Event Management විසින් Facebook සටහනක් එක්කර තිබිණි.

සංවිධාකයින් විසින් ප්‍රචාරණය කර තිබුනේ ශානා, හනා, අමේලියා, හා වස්ති යන ගායන ශිල්පීන් හා ශිල්පිනියන් මේ ප්‍රසංගය සඳහා සහභාගී වන බවය.

කෙසේ වෙතත් නීති විරෝධී ගිනි අවියක් ලඟ තබා ගැනීමේ හේතුව මත “ශාන් පුතා” අත් අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු වෙනුවට රොමේෂ් නම් ගායන ශිල්පියා සහභාගී වී තිබේ. ගායන ශිල්පිනියන් දෙදෙනා ද මෙම සංගීත සංදර්ශනය වෙනුවෙන් සහභාගී වී ඇති අතර “වස්ති” ගායන ශිල්පීන්ගේ නොපැමිණීම මේ ප්‍රේක්ෂක කුපිත වීමට හේතුව වී ඇතිබවට බහුතරයක් චෝදනා නඟති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වස්ති වෙනුවෙන් අනුශ්ක උදාන විසින් ද පැහැදිලි කිරීමක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට Facebook පුරා සංසරණය වේ.

https://fb.watch/ynumowdxUm

මෙම සිදුවීමත් සමඟ වස්ති වෙත විශාල ජන අප්‍රසාදයක් මෙන්ම චෝදනා රැසක් එල්ල වෙමින් පවතින අයුරක් දැකිය හැකිය.

ලංකාවේ ජනප්‍රියම ගායකයින් දෙපළක් වූ වස්ති වෙත ආදරෙන් පැමිණි ඒ සුවිසල් ජනතාව වෙනුවෙන් එක් ගීතයක් හෝ ගයන්නට ජනතාවගේ ගායකයින්ට ඕනෑතරම් අවස්ථාව තිබිණි.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved