Connect with us

කලා

විදෙස් චිත්‍රපට පෙන්නන්න යන බලපත්‍ර අයදුම්පත්‍ ගාස්තුව අඩු කරයි

Published

on

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වේ.

මේ අනුව, මීට පෙර මෙම බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් පත්‍රයක් භාරදීමේදී රු. 40,000ක් ලෙස පැවති මුදලක් ගාස්තුව, රු. 30,000 දක්වා අඩු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත, ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමටද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කලා

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය 

Published

on

By

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් 2025 ජනවාරි 18 වන දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායම්, යාපනය නාගරික කොමසාරිස් එස්. ක්‍රිෂේන්ද්‍රන්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් සායි මුරලි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ යාපනයේ කලාකරුවන් රැසක් සහභාගී වූහ.

මෙම සුවිශේෂී අති නවීන ගොඩනැගිල්ල මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන් ගත හැකි රංග පීඨ ආකාරයේ අති නවීන ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුළුණක් සහ එළිමහන් රංග පීඨයක් ලෙස ද භාවිතා කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදි විවිධ පහසුකම්වලින් සමන්විත වේ.

Continue Reading

කලා

බොලිවුඩ් නළු සයිෆ්ට පිහියෙන් ඇනපු හොරාව අල්ලයි

Published

on

By

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම සැකකරුව අතඅඩංගුවට ගෙන තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේ දී නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සමඟ සයිෆ් අලි ඛාන්ගේ නිවසේ ඇති වූ ගැටුමකදී ඛාන් පිහි ඇණුමකට ලක් වී රෝහල්ගත කෙරුණි.

සයිෆ් සැත්කමකින් අනතුරුව මේවන විට සුවය ලබමින් සිටී.

සබැඳි පුවත්

Continue Reading

කලා

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

Published

on

By

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved