Connect with us

කලා

සාම්ප්‍රදායික ජපන් සංගීතයෙන් හැඩවුණු සැඳෑවක්

Published

on

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී පසුගිය 26දා සුන්දර සංගීතමය සන්ධ්‍යාවක් පවත්වා තිබුණි.

කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි සහ කෝගා මිචියෝ යන මහත්වරුන්ගේ කන්කළු සම්ප්‍රදායික ජපන් සංගීතයෙන් මෙම ප්‍රසංගය වර්ණවත් විය.

මෙම උත්සවය ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කළා පමණක් නොව, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමද මෙමගින් සනිටුවහන් විය. 

සංගීත ශිල්පීන් පිළිබඳ තොරතුරු

ඉකුතා-රියු නම් කොතෝ සංගීත ගුරුකුලයේ මාස්ටර්වරයෙකු වන ෂෝගෝ හියෝෂි මහතා, සංගෙන් සංගීතයේද ප්‍රවීණයෙකි. වර්තමානයේදී එතුමා කොතෝ සහ සංගෙන් යන සංගීත භාණ්ඩ ද්විත්වයම වාදනය කරයි. ඊට අමතරව, හෙතෙම තත් තුනකින් යුත් ජපන් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන කොකියු සහ සංගෙන් හි මුල් කාලීන ස්වරූපයක් යැයි විශ්වාස කෙරෙන හයිකේ-බිවා නැමැති සාම්ප්‍රදායික භාණ්ඩයද වාදනය කරයි.

එතුමා වර්ෂ 2023 සිට ටෝකියෝ කලා විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2009 දී සිය මංගල ජාත්‍යන්තර ප්‍රසංගය අයිස්ලන්තයේදී පවත්වන්නට යෙදුණු අතර,  පසුව ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය යනාදී රටවල් වලද ප්‍රසංගයන්ට සහභාගී විය.
කෝගා මිචියෝ මහතා Lanka Nippon BizTech Institute (LNBTI) හි මව් සමාගම වන Metatechno Inc. හි හිටපු සභාපතිවරයා වේ.

කෝගා මිචියෝ මහතා වසර 50 කට පමණ පෙර ජපානයේ වසෙදා විශ්ව විද්‍යාලයෙහි පිහිටි ෂකුහචි සමාජයක් වන කොචිකු-කයි හිදී එම සංගීත භාණ්ඩය වාදනය ඉගෙනීමට පටන්ගත්තේය. වසර දහයකට පෙර කින්කො-රියු නම් ෂකුහචි ගුරුකුලයේ මාස්ටර් තත්ත්වය ලබාගැනීමත් සමගම හෙතෙම සිය වේදිකා නාමය වන චිකුසුකේ යන්න අත්කරගන්නට යෙදුණි. 

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved