Connect with us

කලා

සාම්ප්‍රදායික ජපන් සංගීතයෙන් හැඩවුණු සැඳෑවක්

Published

on

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී පසුගිය 26දා සුන්දර සංගීතමය සන්ධ්‍යාවක් පවත්වා තිබුණි.

කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි සහ කෝගා මිචියෝ යන මහත්වරුන්ගේ කන්කළු සම්ප්‍රදායික ජපන් සංගීතයෙන් මෙම ප්‍රසංගය වර්ණවත් විය.

මෙම උත්සවය ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කළා පමණක් නොව, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමද මෙමගින් සනිටුවහන් විය. 

සංගීත ශිල්පීන් පිළිබඳ තොරතුරු

ඉකුතා-රියු නම් කොතෝ සංගීත ගුරුකුලයේ මාස්ටර්වරයෙකු වන ෂෝගෝ හියෝෂි මහතා, සංගෙන් සංගීතයේද ප්‍රවීණයෙකි. වර්තමානයේදී එතුමා කොතෝ සහ සංගෙන් යන සංගීත භාණ්ඩ ද්විත්වයම වාදනය කරයි. ඊට අමතරව, හෙතෙම තත් තුනකින් යුත් ජපන් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන කොකියු සහ සංගෙන් හි මුල් කාලීන ස්වරූපයක් යැයි විශ්වාස කෙරෙන හයිකේ-බිවා නැමැති සාම්ප්‍රදායික භාණ්ඩයද වාදනය කරයි.

එතුමා වර්ෂ 2023 සිට ටෝකියෝ කලා විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2009 දී සිය මංගල ජාත්‍යන්තර ප්‍රසංගය අයිස්ලන්තයේදී පවත්වන්නට යෙදුණු අතර,  පසුව ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය යනාදී රටවල් වලද ප්‍රසංගයන්ට සහභාගී විය.
කෝගා මිචියෝ මහතා Lanka Nippon BizTech Institute (LNBTI) හි මව් සමාගම වන Metatechno Inc. හි හිටපු සභාපතිවරයා වේ.

කෝගා මිචියෝ මහතා වසර 50 කට පමණ පෙර ජපානයේ වසෙදා විශ්ව විද්‍යාලයෙහි පිහිටි ෂකුහචි සමාජයක් වන කොචිකු-කයි හිදී එම සංගීත භාණ්ඩය වාදනය ඉගෙනීමට පටන්ගත්තේය. වසර දහයකට පෙර කින්කො-රියු නම් ෂකුහචි ගුරුකුලයේ මාස්ටර් තත්ත්වය ලබාගැනීමත් සමගම හෙතෙම සිය වේදිකා නාමය වන චිකුසුකේ යන්න අත්කරගන්නට යෙදුණි. 

කලා

‘ජය ශ්‍රී’ ලාගේ සිංදු නඩුව

Published

on

By



අධිකරණයෙන් වාරණය කර තිබු ගීත එකී කාල සීමාව තුළ තමන් ගායනා නොකළ බවට ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් මහතා විසින් කොළඹ වාණිජ මහාධිකරණයේදී සාක්ෂි ලබාදී තිබේ.

ඒ ගායක හා සංගීත සංයෝජක අරුණ ලියාන් මහතා විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොණු කර ඇති අධිකරණයට අපහාස කිරිමේ නඩුව පසුගිය 26 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙහිදී කරුණු සළකා බැලූ වාණීජ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව 2025 ජනවාරි මස 30 වැනිදා දෙපාර්ශවයේ ලිඛිත දේශනා ගොණු කිරිම සදහා නැවත කැදවීමට නියම කර තිබේ.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටියේය.

Continue Reading

කලා

Mr. World 2024 වේදිකාවේ වේදිකාවේ ලාංකේය නාමය ඉහළින් තැබූ මේඝ සූරියආරච්චි

Published

on

By

11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පැවති මෙවර (2024) Mr. World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් ම අත්පත් කරගැනීමට සමත්විය.

ඒ, ප්‍රධාන වශයෙන් ‘Mr. World 2024 People’s Choice’ (People’s Champion) ජයග්‍රාහකයා බවට පත්වෙමිනි.

එමෙන්ම ඔහු අවසන් තරගකරුවන් 10 දෙනා අතරට ද පැමිණ තිබුණේ, එතෙක් මෙතෙක් පැවති Mr. World ඉතිහාසයේ අවසන් දස දෙනා (Top 10 finalist Mr World 2024) අතරට පැමිණි පළමු ලාංකිකයා බවට පත්වෙමිනි.

Mr. World 2024 වේදිකාවෙහි ශ්‍රී ලාංකීය සංස්කෘතික අභිමානය විදහා දැක්වූ මේඝ සූරියආරච්චි, හොඳම ජාතික ඇඳුම සඳහා වන ජනතා සම්මානය ද තමන් සතු කරගැනීමට සමත්කම් දක්වා තිබුණි.(Best National Costume – People’s Choice Award – Mr World 2024)

මීට අමතරව Talent show finalist Mr World 2024, Beauty with a purpose Top 30 ලෙසත් ලාංකීය නාමයට වටිනාකම් එකතු කිරීමට මේඝ  සමත්විය.

නව පරපුරේ නැඟී එන සිනමා නළු මේඝ සූරියආරච්චි ‘සිනේමා’, ‘මන්දාරා’ සිනමාපට තුළින් වඩාත් කතාබහට ලක්වූ අතර රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් සේම කථිකාචාර්යවරයෙකු ද ලෙස කටයුතු කරයි.

Continue Reading

කලා

හඳගමගේ “රානි” රිචඩ් ද සොයිසා ඝාතනය අවදි කිරීම (වීඩියෝ)

Published

on

By

එකම පුතුගේ ඝාතකයන්ට දඬුවම් පමුණුවන්නට සටන් වැදුනු මවකගේ කතාව රැගත් “රානි” පූර්ව ප්‍රචාරක පටය අද සිට සමාජ මාධ්‍යට එක් කර තිබේ. 

මාධ්‍යවේදි රිචඩ් ද සොයිසාගේ ඝාතනයෙන් ඔහුගේ මව වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ ප්‍රබල හඹා යාම වූයේ ඝාතකයන් සොයා ඔවුන්ට දඬුවම් පමුණුවීමයි.. ඇගේ කතාව 

“රානි” නමින් එළඹෙන 2025 EAP මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කිරීමට සූදානම්ය. 

 ස්වර්ණා මල්ලවාරච්චි මෙහි මනෝරානි සරවනමුත්තු ගේ චරිතය රඟපාන අතර සනත් ගුණතිලක බිමල් ජයකොඩි අශාන් ඩයස් රෙහාන් අමරතුංග රිතිකා කොඩිතුවක්කු ප්‍රියන්ත ලලිත් සම්පත් ජයවීර ගිහාන් ප්‍රනාන්දු සෞම්‍ය ලියනගේ අනුසුයා සුබසිංහ අනුරාධ මල්ලවාරච්චි නලින් ලුසේනා ඇතුළු පිරිස රංගනයෙන් දායක වන ” රානි” lyca production lanka කුළුඳුල් නිෂ්පාදනයයි.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ  අසෝක හඳගම විසින් මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කර ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved