Connect with us

කලා

සුපිරි නළු ෂාරුක් ඛාන්, හදිසි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාවට

Published

on

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘ථෙ Hඉන්ඩු’ ප්‍රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ෂාරුක් ඛාන් ජූලි 29 වන දින අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත් ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවය.

එය, ‘තත්ත්වය නිවැරදි කිරීම සඳහා’ බව වැඩිදුරටත් සඳහන්ය.

කෙසේ නමුත් ප්‍රතිකාරයේ ස්වභාවය සහ ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නැත.

ෂාරුක් ඛාන් මීට පෙර අහමදාබාද්හි පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයක් අතරතුරත් රෝගීව රෝහල්ගත කරනු ලැබුවේ පැවති දැඩි උණුසුම හේතුවෙන් ආඝාතයකට (හේට් ස්ට්‍රොකේ) ගොදුරු වීම හේතුවෙනි.

කලා

සෝමරත්න දිසානායකත් අනුරට එක්වෙයි

Published

on

By


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විමට එක්ව තිබේ.

ඒ අනුව ඔහු ඊයේ (08) පස්වරුවේ රාජගිරිය The Taprobane පරිශ්‍රයේදී පැවති ‘පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම’ – ජාතික ජන බලවේගයේ කලාකරුවන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගිවී සිටින අයුරු දක්නට ලැබුණි.

දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වූ සෝමරත්න දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකල අතර ඒ වෙනුවෙන් ඔහුට ආණ්ඩුවෙන් වරප්‍රසාද රැසක් හිමිවූ බවට එකල ඔහුව දැඩිව විවේචනයට ලක්විය.

පසුව 2015 වසරේදී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී සහය දැක්වූ අතර ඒ වෙනුවෙන් සෝමරත්න දිසානායක මහතා 2015 වසරේදී ජාතික රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේය.

පසුව පෞද්ගලික හේතුවක් මත යැයි කියමින් 2015 වසරේ ජූලි මස රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර 2016 වසරේ අගෝස්තු මස වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැළියේදී එම වේදිකාවට ගොඩවෙමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකලේය.‍

නමුත් 2017 වසරේදී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සෝමරත්න දිසානායක මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ පාලන සමය මෙන්ම වත්මන් ආණ්ඩුවේද වෙනසක් නැති බවත් බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ සෑදිය නොහැකි බවත්ය.

”ඇත්තටම මේ වෙනකොට මං දේශපාලනිකව අතරමං වෙච්ච කෙනෙක්. මට දැනට දේශපාලන පක්ෂයක් නෑ. ඔව් 1994 ඉඳන් මං දේශපාලන වේදිකාවල පෙනී හිටියා. ඒ ගැන මං කණගාටු වෙන්නේ නෑ. යුද්ධය නිමා කරන්න එක පාරක් අපි පෙනී හිටියා. පස්සේ රට හදන්න ඕන නිසා පෙනී හිටියා. නමුත් බලය එක තැනක දීර්ඝ කාලයක් රැඳෙනකොට එතන දුෂණය වෙනවා. බල ලෝභය හා තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න ඕන වැඩක් කරන්න පෙළඹෙනවා.”

එසේ පැවසූ සෝමරත්න දිසානායක මහතා එවක යහපාලන රජය යටතේ 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩබලන සභාපතිවරයා ලෙසටද පත්කරන ලදී.

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දීමෙන් අනතුරුව 2018 වසරේ දෙසැම්බර් මාසයේදී සෝමරත්න දිසානායක මහතා කතානායකවරයා හමුවටද කැඳවනු ලැබීය.

ඒ වන විට පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් අත්හිටුවා තිබූ අතර ඒ සම්බන්ධයෙන් දිසානායක මහතාගෙන් කතානායකවරයා විමසා සිටියදී ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව පවසා තිබුණි.

පසුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී කොට්ටාව බටහිර 496 D ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 10 වැනි මාවතට යාව ඇති A ශ්‍රේණියේ කුඹුරු බිමක් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ලේඛනගත අතිශය වැදගත් රැම්සා තෙත් බිමක් සිය දේශපාලන බලය සහ ඉහළ සම්බන්ධතාවල රැකවරණය ලබමින් අනීතිකව ගොඩකරමින් සිටින සෝමරත්න දිසානායක ඇතුළු පිරිසකට වහාම එම අපරාධය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාවේ නිලධාරීන් නියෝග කර තිබුණි.

Continue Reading

කලා

ඔස්ට්‍රේලියාවේදී ගෞරවයට පාත්‍ර වූ ලාංකේය කලා පවුල

Published

on

By

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල”  පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍රව තිබුණි.

ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

එම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන ගෞරවණීය පිරිසකගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව මෙරට සංගීත පුරාවෘත්තයන් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීත ශිල්පි රූකාන්ත ගුණතිලක මහතා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමා තිබුණි.

එමෙන්ම ඔවුන්ගේ දියණියන් වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක ද එහිදී සම්මාන ලබා තිබුණි.

මෙම අවස්ථාව සඳහා සනුක වික්‍රමසිංහ හට ද ආරාධනා කර තිබුණු නමුදු ඔහුට එම මොහොතට සහභාගී වීමට නොහැකිව තිබේ.

Continue Reading

කලා

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවිගමනට සමුදෙයි

Published

on

By

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයනවිට වයස අවුරුදු 89කි.

“හන්තානේ කතාව” සිනමා නිර්මාණයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කල ඔහු “ඉන්දුට මල් මිටක්”, “පෙම්බර මධූ” වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved