Connect with us

කලා

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

Published

on

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

කලා

පෙම්වතුන්ගේ දිනයේදී සුකේෂ්ගෙන් ජැකලින්ට ජෙට් යානයක්

Published

on

By

පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවාය.

බන්ධනාගාරයේ සිට වරින් වර ජැකලින් වෙත පෙම් හසුන් එවනු ලබන සුකේෂ් මෙවර පෙම්වතුන්ගේ දිනයේදී ඇයට තෑගි කළ පෞද්ගලික ජෙට් යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම ජෙට් යානය තෑගි කරමින් ඔහු විසින් ලිපියක් ද එවා ඇති අතර, මීට පෙර ඇයට තෑගි කළ භාණ්ඩ මෙන් නොව මෙවර තෑගි කරනු ලැබුවේ නියමිත බදු ගෙවා නීත්‍යානුකූලව මිලදී ගත් ජෙට් යානයක් බැවින් කිසිවකුට ඒ පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි බවද ඔහු සිය ලිපියෙහි සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

කලා

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වේ

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්තවේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මියයන විට කුමාරි පෙරේරා මහත්මිය 68 වන වියේ පසුවිය.

කෝපි කඩේ ටෙළිනාට්‍ය මාලාවේ ආරම්භක රංගන ශිල්පිනියක් වූ ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.

එසේම ඇය ටවර් නාට්‍ය ගණනාවක ප්‍රකට භූමිකා ඉදිරිපත් කළාය. එසේම මහඇදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරිය වන්නට ඇය භාග්‍යවන්ත වූවාය.

කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය සැපයුවාය.

කුමාරි පෙරේරා මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Continue Reading

කලා

පහන් කූඩු උත්සව සංගීත ප්‍රසංගය කොළඹදී (ඡායා)

Published

on

By

චීන වසන්ත උත්සවයේ අවසාන දිනය වන චීන පහන් කූඩු උත්සවය වෙනුවෙන් ඊයේ (පෙබරවාරි 12) දින නෙළුම් පොකුණ රඟහලේදී සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

මෙරට චීන තානාපති කාර්යාලයේ හා චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රසංගයට එක්වූයේ වූෂී චීන වාද්‍ය වෘන්දයයි.

(ඡායා : ෂින්හුවා)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved