Connect with us

කලා

හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා ට

Published

on

ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

“ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයේ” කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමිවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධර්මා සමරනායක මහත්මිය විසින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

එම නඩුවේ දී කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, පැමිණිලිකාර සමරනායක මහත්මිය විසින් සිදුකරන ලද්දේ අදාළ ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවය.

එම ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට මුදල් ගෙවා ඇති බවත් අදාළ සමාගම වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

2013 වසරේ එම නඩුවේ තීන්දුව ලබාදුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කර්තෘ අයිතිය පැමිණිලිකාර සමරනායක මහත්මියට හිමි බවට තීන්දු කොට බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකරන ලෙසත් සරසවිය ප්‍රකාශන සමාගම වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නඩු විභාගයේ දී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු වන බවට නිගමනය කර තිබේ.

අදාළ වාණිජ මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබුණි.

ඒ අනුව සරසවි ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සරසවි පුවත්පත් සමාගමට රුපියල් 25,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට නියෝග කර ඇත.

(අද දෙරණ)

කලා

“කාගේද මේ මූනිස්සම්?” විමල් වීරවංශගෙන් ගීතයක්

Published

on

By

ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතාගේ “කාගේද මේ මූනිස්සම්?” ගීතය අද (08) ජනගත කෙරිණි.

ගීතය ගායනය මෙන්ම එහි පද රචනය ද විමල් වීරවංශ මහතාගෙනි.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

අද උදෑසන 10.00ට YouTube අවකාශයට මුදාහල ගීතය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

Continue Reading

කලා

ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි

Published

on

By

ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉල්ලා ගොනු කළ පෙත්සම දිල්ලි මහාධිකරණය විසින් ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබේ.

විනිසුරු අනිෂ් දයාල් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඇයගේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.

Continue Reading

කලා

සිහින නගරයට එන බොලිවුඩ් රජු

Published

on

By

City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම City of Dreams Sri Lanka මේ බව සඳහන් කර ඇත.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved