හොලිවුඩයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද සිය රංගන වැඩකටයුතු වලින් ඉවත්වී ඇතැයි වාර්තා වේ.
මේ වන විට හොලිවුඩයේ තිර රචකයන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට හොලිවුඩයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ද එක්වී තිබේ.
මෙය, හැට වසරක කාලයක් තුළ හොලිවුඩයේ සිදුවූ විශාලතම වර්ජනය ලෙස සැලකෙයි.
ඒ අනුව, ලොස් ඇන්ජලීස් වේලාවෙන් මාධ්‍යම රාත්‍රියේ සිට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 160,000ක් සිය වැඩකටයුතු වලින් ඉවත් වීමට නියමිත අතර, මේ සමග හොලිවුඩයේ චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන කටයුතු අඩක් පමණ අඩපණ වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් හෙවත් (SAG) සංසදය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ සිය රංගන කාර්යයන්ට අදාළ ගෙවීම් හා ලාභ බෙදිම් වඩා සාධාරණ හා විධිමත් කොන්දේසිවලට එකඟ ව සිදු විය යුතු බවයි.
තවද, නළුනිළියන්ට අයත් ස්ථානය ඩිජිටල් අනුරූ උදුරා ගැනීම වළක්වමින් නළුනිළියන්ව ආරක්ෂා කරන මෙන්ද ඔවුන් ඉල්ලා සිටියි.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ පරිගණකයෙන් ජනනය කරන ලද මුහුණු සහ කටහඬ නළුවන් වෙනුවට භාවිතා නොකරන බවට සහතිකයක්ද SAG සංසදය අපේක්ෂා කරයි.
නෙට්ෆ්ලික්ස් හි කැලිෆෝනියා මූලස්ථානය ඉදිරිපිට අද දිනයේදී පිකටින් ව්‍යාපාරයක්ද සිදුකිරීමට නියමිත අතර, ඉන්පසුව පැරමවුන්ට්, වෝනර් බ්‍රදර්ස් සහ ඩිස්නි සමාගම් ඉදිරිපිට ද සිදුකිරීමට නියමිතය.මෙම විරෝධතා ව්‍යාපාරයට හොලිවුඩ් ක්ෂේත්රයේ නළුනිළියන් රැසක් එක්වීමට නියමිතය.