කලා

ආශාවරී තහනම් කරන්න ගිය කතා බොරු – කම්කරු කොමසාරිස්

Published

on

ළමයින්ගේ කලා හැකියා ප්‍රගුණ කිරීමට අනතුරුදායක නොවන පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් පාසල් සන්දර්ශනවලදී රඟදැක්වීම් කිරීමටත් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතින් බාධාවක් නැතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සිසුවියන්ගෙන් සමන්විත මැදිරිගිරියේ ආශාවරී නම් වූ සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංගීත කණ්ඩායමක් තහනම් කිරීමට කටයුතු කර ඇති බවට පළවන සියළු ප්‍රචාරයන් සාවද්‍ය ප්‍රචාරයන් බව දන්වා සිටින බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුව ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත මඟින් ළමා ශ්‍රමය තුරන් කිරීමේ කාර්යභාරයට උර දෙන නමුත් සංගීත කණ්ඩායම් තහනම් කිරීමට හෝ දරුවන්ගේ කලා හා ප්‍රාසාංගික දක්ෂතා යටපත් කිරීමේ කටයුතුවලට මැදිහත් නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිංහල බසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Trending

Exit mobile version