කලා

“ආශාවරී නතර කරන්න පොලිස් මැදිහත්වීමක් නෑ”

Published

on

ආශාවරී නම් ළමා සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරකම් නතර කිරීමට කටයුතු නොකළ බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පවසා ඇත.

ළමුන්ගේ ප්‍රාසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගැලපීම් හා නොගැලපීම් වල සීමාවන් නිර්ණය කරනු ලබන්නේ ළමා කටයුතු විෂය පැවරුනු වෙනත් ආයතනයන් බවත්, ආශාවරී වැනි සංගීත කණ්ඩායම් හෝ වෙනත් ළමයින්ගේ කලා දක්ෂතාවයන් පිළිබඳ මැදිහත් වී ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලිසිය කිසිවිටකවත් කටයුතු කර නැති බවත්, එසේ කටයුතු නොකරන බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් බිහිවූ ආශාවරී සංගීත කණ්ඩායමේ දැරියන් හට බලධාරීන්ගෙන් තහංචි වැටී ඇති බවත්, ඔවුන්ට ප්‍රසිද්ධ වේදිකාවල ගී ගැයීම හා වාදනය තහනම් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.

Trending

Exit mobile version