ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතු සිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූපගත කර සංරක්ෂණය කිරීමට නියමිතයි.
එසේ සංරක්ෂණය කරන ලද සිතුවම් බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන අතර අදාළ බිතුසිතුවම් ඇතුළත් විහාරයට ද එහි ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිත බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.