කලා

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියෙන් සමුගනී

Published

on

බටහිර සංගීත ලෝකයේ රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස ඉතිහාසගත වූ එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.

ලීසා මාරී ප්‍රෙස්ලි වන ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවූවාය.

සිය පියාගේ අඩිපාරේ යමින් ගායන ශිල්පිනියක් වූ ලීසා, ඊයේ දින කැලිෆෝනියාවේ පිහිටි නිවහනේදී  ඇය සිහිසුන් වී ඇති අතර, පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබේ.

ඇය මයිකල් ජැක්සන්, නිකලස් කේජ්, ඩැනී කියොෆ් හා මයිකල් ලොක්වුඩ් වැනි තරු හා විවාහ වූ ඇය, තිදරු මවකි. ඇගේ දියණිය වන රයිලි ද නිළියක් වන අතර, ඇගේ පුත්‍රයා වන බෙන්ජමින් 2020දී සිය දිවි හානි කරගෙන තිබුණි.

Trending

Exit mobile version