කලා

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

Published

on

97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (02) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් විය.

2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබේ.

ඒ ඔහු රංගනයෙන් දැයක වූ “A Real Pain” චිත්‍ර පටය සඳහායි.

මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව බවද සඳහන් වේ.

මේ අතර හොඳම සහාය නිලිය සඳහා හිමි සම්මානය හිමි වුයේ ‘Emilia Perez’චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාටය.

හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තේ ‘The Brutalist’චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩි ය.

එමෙන්ම “Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තාය.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුයේ  “Anora” චිත්‍රපටයටයි.

හොඳම අධ්‍යක්ෂණය සඳහා හිමි සම්මානය ද හිමිකර ගත්තේ “Anora” චිත්‍රපටයේ  අධ්‍යක්ෂක ෂෝන් බේකර් විසිනි.

Trending

Exit mobile version