කලා

කංගනාට ගුවන්තොටුපොළේ දී කම්මුල් පහරක්

Published

on

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ආරක්ෂක නිලධාරිනියක් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ චන්දිගාර් ගුවන්තොටුපොළ තුළදීය.

ඇයට මෙලෙස  පහර දී තිබුණේ ගුවන්තොටුපොළේ සේවයේ නියුතු කුල්වින්දර් කෝර් නම් මධ්‍යම කාර්මික මර්මස්ථාන ආරක්ෂක බළකායේ නිලධාරිනියක් විසිනි.

කන්ගනා රනාවුත්ට ඇය පහරදී ඇත්තේ ඉන්දියාවේ පැවති ගොවි විරෝධතාවලදී කන්ගන් සිදුකළ ප්‍රකාහයකට විරෝධය පළකරමිනි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කන්ගනා රනාවුත් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර කුල්වින්දර් කෝර් වැඩතහනමකට ලක්කර ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Trending

Exit mobile version