Connect with us

කලා

කර්ණාටක ජන සංස්කෘතික ප්‍රසංගයක් මුල් වරට කොළඹ දී

Published

on

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ (30) තිහකට ආසන්න ප්‍රකට ජන හා ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රාසංගික කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (අගෝස්තු 25) ප.ව. 4.00ට කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

නර්තන (ශාස්ත්‍රීය ,සම්ප්‍රදායික හා ජන), සංගීතමය ඉදිරිපත් කිරීම්, බහු භාෂා කාව්‍ය ගායනා, මුද්‍රා නාටක, රූකඩ නාට්‍ය යනාදී අංග රැසක් මෙහි දී ඉදිරිපත් කෙරෙනු ඇත. 

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (International Cultural Council of India (M.E) Global Peace Foundation) ඉදිරිපත් කරන මෙම සංස්කෘතික ප්‍රසංගය කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලීය සහයෝගීතාවයෙන් යුතුව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) හා PEN Sri Lanka ආයතනය සංවිධානය කරනු ලබයි.

ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය (ICFCI)  ලොව පුරා ඉදිරිපත් කරනු ලබන ප්‍රසංග මාලාවේ (40) හතලිස්වැන්න  අගෝස්තු විසි පස් වෙනි දින ශ්‍රී ලංකාවේ කොළඹදී ඉදිරිපත් කරනු ලබන බවත් මෙහි දී මුලික අවධානය යොමු වන්නේ, කර්ණාටක ජන ගී, ජන නැටුම්, ජන සංගීත, හා ජන කවි යන අංග කෙරෙහි බව එම කවුන්සිලයේ සභාපති K.P. මංජුනාත් සාගර් (K.P.Manjunath Sagar) මහතා නිවේදනය කරයි.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විශිෂ්ටතම නර්තන ශිල්පීන් අතර සිටින මධුරී බොන්ද්‍රේ (Madhuri Bondre) හා ඇයගේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන නර්තන අංග මෙහි දී සුවිශේෂ වේ. 

එමෙන්ම, යක්ෂ ඝණ නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ, ෂෙරියාස් රවී හෙග්ඩේ (Shreyas Ravi Hegde) ය. ගුරු ආචාර්ය ජය ශ්‍රී,  (Guru Dr.Jaya shree, රවී හේග්ඩේ (Ravi Hegde) සහ ශෘති අෂීස් (Shruthi Ashish) යුගල ඉදිරිපත් කරන නර්තන අංගය ද සිත්ගන්නා සුළු එකක් වනු ඇත. ජන කවි ගායනා ඉදිරිපත් කරනු ලබන්නේ, මහාචාර්ය බින්ඩිගනවේලේ භාගවන් (Prof.Bindiganavele Bhagavan) සහ ආචාර්ය නර්තනා අනානි (Dr.Archana Alhani) විසිනි. රූකඩ සංදර්ශනය, යශෝධා රංගා පුතාලී (Yashoda Ranga Puthali) ගෙනි. කේවල නර්තන ඉදිරිපත් කරනු ලබන්නේ, ආරතී සුරේෂ් (Arathi Suresh) හා අනු ආනන්ද් (Anu Anand) විසිනි. ගායනා – වෙන්කතේෂ් මුර්ති (Venkatesh Moorthi Shiroor) ගෝනා ස්වාමි (Gona Swami), පුෂ්පා ආරාධයා (Pushpa Aradhya) හා මන්තේෂ් මාමදපුර (Manthesh Mamadapura) සිදු කරන බව මංජුනාත් සාගර් මහතා වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රසංග උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – ආචාර්ය සුරේන් රාඝවන් මහතා, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති – මහාචාර්ය රෝහන පී මහලියනාරච්චි මහතා හා ආචාර්ය අමිල කංකානම්ගේ මහතා යන අය සහභාගී වේ.

පස්වරු 4.00 සිට 6.00 පැවැත්වෙන මෙම ප්‍රසංගය නොමිලයේ පැවැත්වෙන බවත් සියලු දෙනාට ඒ සදහා ආරාධනා කරන බව ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමය පවසයි.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved