කලා

කලංගේ අවසන් කටයුතු අද!

Published

on

අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය 01 වනදා  උදෑසන ජාඇළ පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබිණි.

අමරසිරි කලංසූරිය මහතාගේ දේහය මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේ සිදුකිරීමට නියමිතය.

1940 වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා උපත ලැබූ අමරසිරි කලංසූරිය මහතා මිය යන විට 82වන වියේ පසුවුණි.

1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අපේක්ෂා, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

Trending

Exit mobile version