කලා

“කලං” දිවි මඩලෙන් සමු ගනියි!

Published

on

ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අභාව ප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ලබමින් පසුවූ ඒ මහතා මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවිය.

අමරසිරි කලංසූරිය මහතා සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මතකයේ රැඳෙන රංගනයන්ට දායක වූවෙකි.

 හන්තානෙ කතාව (1969), අහස් ගව්ව (1974), බඹරු ඇවිත් (1978), යස ඉසුරු (1982)

පූජා  (1986) ,  අහස් මාලිගා (1994) හා රෝස මල් සයනය ( 2009)  ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.

ටෙලිනාට්‍ය කලාවේ ආරම්භක යුගයේ දිමුතු මුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑම නිසාද ඔහු ජනප්‍රියත්වයට පත් විය.

1974දී හොඳම නළුවාට හිමි සම්මානය හා 1986දී හොඳම සහාය නළුවාට හිමි ජනපති සම්මානය ඔහුට හිමි විය.

තිදරු පියෙකුවූ කලංසූරිය මහතා මහනුවර උපන්නෙකි. ඔහු ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Trending

Exit mobile version