“සංජනනී 2023” සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙලේ අවසන් අදියරේ “අපේ හැන්දෑව” ප්‍රසංගය අද (04) සවස 6.30ට කැලණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත් වේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් වසර 04කට පසු ජන සන්නිවේදන මහගෙදර විසින් “සංජනනී 2023” සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙල සංවිධානය කර තිබේ.
මෙවර එහි තේමාව වනුයේ අන්තර්ජාලය හඳුන්වා දීමේ සිට නූතනයේ භාවිතවන Virtual Reality, Augmented Reality, Artificial intelligence වැනි නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුව දක්වා වූ අඛණ්ඩ විකාශනයයි.
ඕනෑම කෙනෙකුට මෙම ප්‍රසංගය නොමිලේ නැරඹිය හැක.