චීනයේ බෙයිජිං අගනුවරින් හමුවූ කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් එහි පිහිටි යුනිවර්සල් රිසෝට් තේමා උද්‍යානය වසාදමා ඇතැයි වාර්තා වේ.
මිලියන 21කට වැඩි ජනගහනයක් සිටින බෙයිජිං අගනුවරින් ඊයේ දිනයේදී කොවිඩ් රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් 19 ක් සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එක් ආසාදිතයෙකු හමුවී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම උද්‍යානය යළි විවෘත වන දිනයක් තවමත් ප්‍රකාශ කර නැති නමුත්, මේ වන විට අලෙවි කර ඇති ප්‍රවේශ පත්‍ර යළි වෙනත් දිනක් වෙනුවෙන් ලබාදීමට හෝ මුදල් යළි ලබාදීමට එම සමාගම පොරොන්දු වී ඇත.
ට්විටර් වලට සමාන චීනයේ වෙයිබෝ සමාජ ජාලයේ නිවේදනයක් පළ කරමින් එම සමාගම මෙසේ පවසා තිබේ.
හැකි ඉක්මනින් සිය මෙහෙයුම් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඒ අතරතුර වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවර ගැනීමට කටුයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වසර 2021 සැප්තැම්බර් මාසයේදී විවෘත වූ මෙම තේමා උද්‍යානය, මේ වසර තුළ මෙසේ වසා දමා ඇත්තේ දෙවැනි වරටයි. මීට පෙර මැයි මාසය මුලදීද කොවිඩ් වැළැක්වීමේ පියවරක් ලෙස මෙය වසා දමා තිබුණි.