කලා

ගයා රම්‍ය අල්විස් දිවියෙන් සමුගනියි!

Published

on

සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස් මහතාය.

Trending

Exit mobile version