ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා බැලීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට අවසර නොලැබෙන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහල දැනුම් දෙයි.
ඒ අනුව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ චාමර වීරසිංහ මහතා බැලීම සඳහා අවසර හිමිව ඇත්තේ ඒ මහතාගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් බවය.
එසේ පැමිණීම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා රෝහලට පැමිණීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට ඒ පිළිබඳව දැන්වීම් පුවරුවක් ද සවි කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.