කලා

“ජය ශ්‍රී” අධිකරණයට අපහාස කිරීමේ නඩුව දින තීන්දු වෙයි!

Published

on

“ජය ශ්‍රී” ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 2023 පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණ ඊයේ (17) නියෝග කළේය.

ඒ කොළඹ වානිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් සොයුරන්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් එම අධිකරණය විසින් වාරණය කරන ලද ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට වානිජ අධිකරණය පවතින නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මීට පෙර සීතාසි නිකුත් කර තිබිණි.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති මහතා පෙනි සිටියේය.

වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර මහතා පෙනි සිටියේය.

Trending

Exit mobile version