අධිකරණයෙන් වාරණය කර තිබු ගීත එකී කාල සීමාව තුළ තමන් ගායනා නොකළ බවට ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් මහතා විසින් කොළඹ වාණිජ මහාධිකරණයේදී සාක්ෂි ලබාදී තිබේ.
ඒ ගායක හා සංගීත සංයෝජක අරුණ ලියාන් මහතා විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොණු කර ඇති අධිකරණයට අපහාස කිරිමේ නඩුව පසුගිය 26 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙහිදී කරුණු සළකා බැලූ වාණීජ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව 2025 ජනවාරි මස 30 වැනිදා දෙපාර්ශවයේ ලිඛිත දේශනා ගොණු කිරිම සදහා නැවත කැදවීමට නියම කර තිබේ.
මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටියේය.