කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Trending

Exit mobile version