කලා

තම පදයට ඉන්දියාව නටවන ලංකාවේ රවී

Published

on

නව පරපුරේ ජනප්‍රිය තරුවක් වන රවී රොයිස්ටර් මේවනවිට ඉන්දියානුවන් බහුතරයක් තම පදයට ග්‍රහණයකර ගැනීමට සමත්ව සිටී.

ඒ ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන “Romeo” චිත්‍රපටයේ ප්‍රධාන ගීතයක් ගායනා කිරීමත් සමඟය.

රවීට මේ අවස්ථාව උදාවී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වූ ඔහුගේ ”පස්ස” නම් ගීතය ඉන්දියාවේද ඉහල ජනප්‍රියත්වයක් ලැබීම නිසාය.

එම ගීතය මේවන විට  YouTube ඔස්සේ නැරඹුම්වාර ලක්ෂ 90 ද  ඉක්මවා තිබේ.

ඒ අනුව ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India සමග එක්ව රවී රොයිස්ටර් ගේ මෙම ගීතය දමිළ භාෂාවෙන් ”Vethala” යන නමින් පසුගියදා එළිදක්වනු ලැබුවේය.

“Vethala” ගීතය YouTube අවකාශයට මුදාහැර දින 2ක් තුළ එය නැරඹුම්වාර මිලියන 2කේ සීමාව පසුකර යාම විශේෂිතය.

එම ගීතය නිකුත් කර මේවන විට දින 4කි.

Trending

Exit mobile version