කලා

තලංගම ගුටි කෙළියෙන් පසුව දෙරණ තරු සොයුරා ශෛල්‍යකර්මයකට

Published

on

සතියේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශයවන ‘සංගීතේ’ මෙගා ටෙලියේ රංඟනයෙන් දායක වන ලෝවන් අභිෂේක්ගේ සොහොයුරා වන ශානක උදීෂ්ගේ හිසෙහි ශෛල්‍යකර්මයක් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සදුදා මේ ශෛල්‍යකර්මය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ ලෝවන් අභිෂේක්ගේ සොහොයුරා වන ශානක උදීෂ් ඇතුළු රියැලිටි රූපවාහිනී තරු කිහිප දෙනෙක් තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවකදී ඇතිවූ ගැටුමකදී පහර කෑමේ සිද්ධියක් නිසාය.

එම අවන්හලේ ඒක පුද්ගල සංගීත කණ්ඩායමක් ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පොලිසියට අනුව මේ ගැටුම ආරම්භ කර ඇත්තේ තරුව විසින් වන අතර පසුව ඔවුහු පුද්ගලයෙකුට පහර දී ඇති බව වාර්තා වේ.

පසුව එය දෙපිරිසක් අතර ගැටුමක් බවට වර්ධනය වී පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පැවසේ.

සිද්ධියෙන් පහර කෑ ශානක උදීෂ ප්‍රතිකාර සඳහා මුලින් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුව ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබූ බැවින් ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරුකර යවා ඇත.

මේ අතර, තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන ශානක උදීෂ පවසා ඇත්තේ සිද්ධියට ගොදුරු වූයේ තමන් බවයි.

සිද්ධිය විස්තර කරමින් ඔහු කියා ඇත්තේ මෙවැන්නකි.

ඉරිදා (13) මගේ බිරිඳ සහ මිතුරන් කිහිප දෙනෙකු ආහාර ගැනීම සඳහා කැෆේ එකට ගියා. ඒ වෙලාවේ වේදිකාවේ ගායකයා ශානකට ගිටාර් වාදනය කරන්න කියලා ආරාධනා කරලා තිබුණා. එවිට හදිසියේම කැෆේ වෙත ගිය යුවළක් ඔවුන්ට ගායනා කිරීම නවත්වන ලෙස කිව්වා. මිනිහා කිව්වා එයා කැෆේ එකේ අයිතිකාරයා කියලා. ශානක කිව්වේ එහි හිමිකරු යැයි කියන පුද්ගලයා කැෆේහි සැබෑ හිමිකරු නෙවෙයි කියල. ඔවුන් අඹුසැමියන් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අඹු සැමි යුවලගේ ගැටුමට පිටතින් එක්වූ අයෙක් ස්පැනරයකින් තම සැමියාට පහරදුන් බව උදීෂගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ.

තලංගම පොලිසියට සහ 119 ට දැනුම් දීමෙන් අනතුරුව අඹුසැමි යුවළගේ සගයකු බව කියන පුද්ගලයා එම අවස්ථාවේම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

Trending

Exit mobile version