දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ආයතනය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර රූපවාහිනී වැඩසටහන් හුවමාරු කර ගැනීම සඳහා බලපත්‍ර ගිවිසුමකට (License Agreement) අත්සන් තැබීමට යෝජනා වී ඇත.
ඒ අනුව, එකී කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති බලපත්‍ර ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.