කලා

 ‌තිස්ස ප්‍රේමසිරිගේ අරගලයේ වෙඩිමුරය තිර රචනය එළිදැක්වීම අද

Published

on

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි මහතා විසින් රචිත “අරගලයේ වෙඩිමුරය නොහොත් බැට්ල්ෂිප් පොටෙම්කින්” සිනමා කෘතියේ තිර රචනය එළිදැක්වීම අද (04) සවස 2.30ට කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත් වේ.

මේ උත්සවය කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධිත “රුසියානු සාහිත්‍ය කවය” විසින් සංවිධානය කර තිබේ.

මෙහිදී සෝවියට් රුසියානු සිනමාව සහ  බැට්ල්ෂිප් පොටෙම්කින් හි සිනමා කතිකාව කොළඹ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංංහ මහතා විසින් සිදු කෙරේ.

සරසවි පුවත්පතේ හිටපු කර්තෘ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ ගුණරත්න මහතා විසින්  බැට්ල්ෂිප් පොටෙම්කින් හි තිර රචනය හා චිත්‍රපට විචාරය සිදුකරනු ලබයි.

Trending

Exit mobile version