කලා

තුන්හෙළ ජන ගී කල්ලියට ඉන්දියාවේදී ජයක්!

Published

on

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 06 වැනි ජාත්‍යන්තර ජන සංගීත සහ නර්තන තරඟාවලියේදී හොඳම ප්‍රාසාංගික කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවේ “තුන්හෙළ ජන ගී කල්ලිය” ජයග්‍රහණය ලබා ගෙන ඇත.

මෙරටට ආවේණික දේශීය නර්තන අංග, ජන ගී ගායනා සහ බෙර වාදන ඉදිරිපත් කරමින් තරඟාවලියට ඉදිරිපත් වූ රටවල් 13 ක් අභිබවා එම ජයග්‍රහණය ඔවුන් ලබා තිබේ.

කොළඹ – මාදිවෙල පසිදු කලායතනය සහ නාරාහේන්පිට පමෝදා කලායතනය නියෝජනය කරමින් අවුරුදු 03 සිට අවුරුදු 51 දක්වා නර්තන සහ ගායන ශිල්පීන් 36 දෙනෙකු මෙම කණ්ඩායම නියෝජනය කරමින් තරඟාවලියට සහභාගි වී ඇත.

ඔවුන් අද අලුයම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණ තිබේ.  

Trending

Exit mobile version