කලා

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් කරයි

Published

on

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුල් ගීතය ජෝන් ද සිල්වා ශූරීන් ගේ “සිරිසඟබෝ” නූර්තියේ එන්නකි. 

පසුව එය හර්මන් රාජපක්ෂ විසින් “ධර්ම බුදුන්ගේ” ලෙස තැටියකට ගායනා කෙරිණි.

මේ අතර ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ඩඩ්ලි සේනානායක මහතා විසින්ද 1949 වසරේ නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවැති සංගීත සන්ධ්‍යාවක හර්මන් රාජපක්ෂ මහතා ලවා සොප‍්‍රානෝ ඔපෙරා ශෛලියෙන් ගායනා කරවා ඇති බවද පැවස‌ේ.

මෙම වසරේදීම ජාතික ගීයද දමිල බසින් ගායනා කළ බව සදහන් වේ. 

එදිනම ටොරින්ටන් චතුරශ‍්‍රයේ නිදහස් අනුස්මරණ ගොඩනැගිල්ල විවෘත කල බවද පැවස‌ේ.

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ//

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ බෝ සේ//

Trending

Exit mobile version