දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යට ගෙනඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ ගේ “පත්තර මල්ලී” වැඩසටහනට වසර 25ක් පිරීම නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් අද (25) සවස 3.00ට කොළඹ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.
රූපවාහිනී මාධ්‍යයෙන් පත්තර කියවීමට පෙර ගුවන් විදුලියෙන් පත්තර සිරස්තල කියවමින් නව හැරවුම් ලක්ෂයක් ඇති කළ ප්‍රමුඛයා නුවන් ලියනගේය.
අද උළෙලේ ප්‍රධාන දේශනය ලංකාදීප ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා විසින් සිදුකරන අතර, ‘නුවන් ලියනගේ ගේ රේඩියෝ භූමිකාව’ යන මැයෙන් නාලක ගුණවර්ධන මහතා කෙටි දෙසුමක් කිරීමට ද නියමිතය.
ඊට අමතරව නුවන් ලියනගේ විසින් රචිත ගීත කිහිපයක් තිළිණ රුහුණගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ගැයීමට ද නියමිතය.
“පත්තර මල්ලී” වැඩසටහනට වසර කිහිපයක් පිරීම නිමිත්තෙන් විවිධ වැකි සමාජ මාධ්‍ය තුළ ද පසුගිය කාලයේ පලවී තිබිණි. ඉන් කිහිපයක් පහත දැක්වේ.
“පත්තර මල්ලී” නුවන් ලියනගේට එම වැඩසටහන තවත් චිරාත් කාලයක් කිරීමට ලැබේවායි “ශ්‍රී ලංකා මිරර්” අපි සුබ පතමු.