Connect with us

කලා

ප්‍රංශ සිනමා අත්දැකීමක් නොමිලේ විඳගැනීමට අවස්ථාවක්

Published

on

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) හා ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන “ප්‍රංශ සිනමා උළෙල” ජූලි මස 11, 18, 25 සහ අගෝස්තු මස 01 දින වලදී එම විශ්වවිද්‍යාලයේ දී පැවත්වේ.

ප්‍රංශ සිනමාවේ නවමු ප්‍රවේශයන් මෙන් ම ප්‍රංශ සංස්කෘතිය සහ ජන ජීවිතය   නිරූපණය වන සිනමා කෘති වලින් සමන්විත මෙය මහජනතාව වෙනුවෙන් “සම්පූර්ණයෙන් නොමිලේ විවෘත ආරාධනයකි”.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දී  චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන දින හා වේලාවන් පහත පරිදි වේ.

Suprêmes – 2024 අගෝස්තු 01 සවස 3.00

Divertimento – 2024 ජූලි 25 සවස 3.00

Bigger Than Us – 2024 ජූලි 18 සවස 3.00

De Gaulle – 2024.ජූලි 11 සවස 3.00

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading

කලා

කලාත්මා නිවේදනයක් නිකුත් කරයි

Published

on

By

කලාත්මා හිටිහාමිගේ යන නමින්, අන්තර්ජාලයේ ප්‍රකටව සිටින තරුණිය තමන්ගේ ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් පළ කර තිබේ.

ඒ මිලියන දෙකකට වැඩි පිරිසක් නැරඹූ, ප්‍රතිචාර 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු සිය වීඩියෝවක් පිළිබඳ පැහැදිලි කරමිනි.

දින කිහිපයකට පෙර ඡායාරූපයක් සමඟ ඇය විසින් පළ කර තිබූ එම වීඩියෝවෙන් ඇය සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් බෙදාගන්නා ලෙස. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණේ තමන් දන්නා වඩාත් ආන්දෝලනාත්මක අන්දමේ කතා බෙදා ගන්නා ලෙසය.

කෙසේ වෙතත් එයට ප්‍රතිචාර ලෙස විශාල පිරිසක් ප්‍රකට පුද්ගලයන් පිළිබඳ බරපතල චෝදනා ඇතුළත් ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ පිළිබඳ කලාත්මා නිකුත් කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්,

“මම කලාත්මා- ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප ගැන අන්තර්ජාලයේ වයිරල් ගිය තරුණිය මම.

මෙම සිදුවීම ගැන විවිධ කතා සහ අදහස් මම දැක්කා. ඒ නිසා මට මගේ අදහස බෙදාගන්න ඕනෑ. මම ඉතාම සතුටු වෙනවා, ඔබ මොහොතක් අරගෙන මේක කියවනවා නම්.

මම මුලින්ම මේ වීඩියෝව පළ කළ වෙලාවේ, මම ඕපාදූප ඇහුවේ නැහැ. මම ජාත්‍යන්තරයේ ගිය ටික්ටොක් ප්‍රවණතාවක් අනුව තමන් නොසිතූ ලෙස තමන්ට මුණගැහුණු ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විමසුවා පමණයි. මුලින්ම ලැබුණු කමෙන්ට් කිහිපය ආදරණීයයි. ඒ අතරින් කෙනෙක් මාව කොත්තු කඩයක මුණගැසුණු කතාවකුත් බෙදාගෙන තිබුණා. මුලින්ම එය කිසිම හානියක් නැති, විනෝදබර දෙයක් වුණා.

එහෙත්, වීඩියෝවට අවධානය ලැබෙන විට තත්වය වෙනස් වුණා. පුද්ගලයන් විවිධ නම් සහ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. නිර්මාණකාරියක ලෙස මට වගකීමක් තිබෙනවා, හානිදායක ප්‍රතිචාර ඉවත් කිරීමට. මම මුලින්ම එහෙම කළා. එහෙත්, වීඩියෝවට අවදානය වැඩි වී 20,000කට වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලැබෙද්දී ඒ සියල්ලට සමගාමීව නියාමනය කිරීම අසීරු වුණා.

කෙසේවෙතත් මම පුද්ගලිකව මෙයින් බලපෑමට ලක්වූවන්ගෙන් සමාව ඉල්ලුවා. මම මට කළ හැකි දේ කළා. එහෙත්, අන්තර්ජාලය තුළ පුද්ගලයන් කියන දේවල් මට පාලනය කළ නොහැකියි.

බොහෝ අය විමසන පැනය වන්නේ මම සියලුම ප්‍රතිචාර මකා නොදැම්මේ ඇයිද කියන එක. එහෙත්, එහි ඇති ඇතැම් චෝදනා සත්‍ය නම්? ඇතැම්විට සැබෑ වින්දිතයන් අන්තර්ජාලයේ ඉඩක් ඉල්ලා සිටින්නේ නම්? තමන්ගේ කතාව ඉදිරිපත් කරන්නට ඉඩකඩක් ඉල්ලා සිටින්නේ නම්?

එය කියන අතර, ප්‍රතිචාර අවකාශය දැන් පත්ව ඇති තත්වය සමඟ මා සිටගන්නේ නෑ. මම එහි කියා ඇති දේවල් ප්‍රවර්ධනය කරන්නේ, තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

මම දන්නවා මම වැරදි හේතු මත විශාල අවධානයක් ලබමින් සිටින බව. එහෙත් මේ වේදිකාව යහපත් අරමුණකට යොදාගනිමින් ඉදිරියට ගමන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”

Continue Reading

කලා

බැට් මෑන් සමුගනී

Published

on

By

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ.

නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය.

1959 දෙසැම්බර් 31 වන දින Val Kilmer ලෙස උපත ලැබූ කිල්මර්, ලොස් ඇන්ජලීස් හි මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු අයෙකි.

වයස අවුරුදු 17 දී, ඔහු ලොව වඩාත්ම කීර්තිමත් නාට්‍ය සංරක්ෂණාගාරවලින් එකක් වන නිව්යෝර්ක්හි ජුලියර්ඩ් පාසලට ඇතුළත් වූ එවකට ලාබාලතම ශිෂ්‍යයා බවට පත්වෙමිනි.

Top Gun සහ Batman Forever යන චිත්‍රපටි තුළින් ඔහු රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved