කලා

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සන්තුස ලියනගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වූ ප්‍රවීණ ප්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සන්තුස ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් සඳහා පාත්‍ර වූ සන්තුස ලියනගේ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කලේය.

1990 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය = ඒකකයට එක්වූ සන්තුස ලියනගේ මහතා වසර 34ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රම ගත්තේය.

කාහලනාදය / භාවතීර්ත / දූලි පින්තාරු ඇතුළු ප්‍රසාංගික මෙන්ම ඒකාංගික ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කිරීමට කටයුතු කල අතර වෙනස් ආරක නිර්මාණ ජනතාවට දයාද කළ නිර්මාණකරුවෙක් ලෙස දෙස් විදෙස් සම්මාන උළෙල රැසකදී ඒ මහතා සම්මානයට පාත්‍ර විය.

මිය යනවිට 57 වන වියේ පසුවූ සන්තුස ලියනගේ මහතා කලක් අසනීප තත්ත්වයෙන් ද පසුවුයේය.

සන්තුස ලියනගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාලඹේ තලාහේනේදී පොදු සුසාන භූමියේදී අනිද්දා සිදු කිරීමට නියමිතය.

Trending

Exit mobile version